එක් අයෙකුට මාසයක් ජීවත් වෙන්න රු. 16,302 ක් ප්‍රමාණවත් – නිල වාර්තාවක් කියයි

    January, 17, 2024

    2023 නොවැම්බර් මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    එම වාර්තාවෙහි දැක්වෙන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 16,302 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම අගය ඊට පෙර මාසයේ දී, එනම් 2023 ඔක්තෝබර් මාසයේ දී රු. 16,112 ක් වශයෙන් වාර්තා වී තිබුණි.

    මෙම වාර්තාවෙහි දක්වා ඇති දිස්ත්‍රික්කමය අගයයන්ට අනුව මාසයක් තුළ සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 17,582 ක් ලෙසින් සටහන් වේ.

    මොණරාගල දිස්ත්‍රික්කට තුළ ජීවත්වන්නෙකුට මාසිකව රු. 15,587 ක පිරිවැයක් සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට දැරීමට සිදුවන අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම සටහනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න් එක් අයෙකුට අවම වියදමක් දැරීමට සිදුවන දිස්ත්‍රික්කය ලෙසින් එය සටහන්ව ඇත.

    අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.