Litro Gas විකුණන්න රජය තීරණය කරයි

    January, 17, 2024

    Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd  යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

    Litro Gas Lanka Limited හි 99.936% ක කොටෙස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd  100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.

    Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වේ. එය 85% ක වෙලෙඳපොළ කොටසකින් ශ්‍රී ලංකාවේ විශාලතම LPG සැපයුම්කරු වන අතර දිනකට මෙට්‍රික් ටොන් 1,600 ක පිරවුම් ධාරිතාවක් සහිත කෙරවලපිටියේ LPG පිරවුම් කම්හලක් පවත්වාගෙන යයි. එහි මාබිම පිහිටි දෙවන පිරවුම් කම්හලක් මේ වන විට ඉදිකෙරෙමින් පවතී.

    Litro Gas Terminal Lanka (Pvt) Ltd,  Litro Gas Lanka Limited සඳහා තොග ගබඩා කිරීම සහ නල මාර්ග පහසුකම් සපයයි. ප්‍රධාන ගබඩා පහසුකම උපායමාර්ගිකව කෙරවලපිටියේ පිහිටා ඇති අතර එය මෙට්‍රික් ටොන් 8,000 ක ධාරිතාවකින් යුක්ත වේ.