January, 18, 2024
පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
අද (18) පෙරවරුවේ
එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව VFS ආයතනය සමග ගිවිසුමකට එළඹ ඇති බවත් ඒ හරහා මිලියන 3ක 4ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ය.
"නව වීසා ක්‍රමවේදයක් අපි හඳුන්වා දීලා තිබෙනවා. දැන් ඒ වීසා ක්‍රමවේදය ඉදිරි සතිය දෙක තුළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පෙර වීසා ක්රමයේ තිබුණු සංකීර්ණ භාවය සරල කරපු එක. ඒකෙදි කලින් වීසාවක් ඇත්තටම පිටරට ඉන්න කෙනෙකුට අරගන්න වෙන්නෙ ලංකාවට ඇවිල්ලා. ලංකාවේ සංචාරක වීසාවක් නම් මාසෙකට ඇවිල්ලා මාසයක් හිටියට පස්සේ දීර්ඝ කරගන්න තමයි තිබුනේ. දැන් මේ නව වීසා ක්‍රමවේදය හරහා එහෙම නැහැ. කෙනෙකුට විදේශ රටේ ඉඳලම අදාල වීසා කාලය සම්පූර්ණයෙන්ම අපෙන් වීසාවක් විදිහට අරගෙන එන්න පුළුවන්කම මේ හරහා ලැබෙනවා. ඒ වගේම නව වීසා ක්‍රමවේද ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. Online තාක්ෂණය යටතේ වැඩ කරන අයට ලංකාවට ඇවිල්ලා ලංකාවේ නේවාසිකව ඉදගෙන වැඩකරන්න nomad නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ආයෝජකයන්ට විශාල වීසා ක්‍රමවේද වසර 10 පවා කාලයක් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් හදලා තියනවා. ඒත් එක්කම ඉදිරියේ දී permanent resident, නිත්‍යවාස වීසාවක් ජීවිත කාලය පුරාවටම ලබා දෙන්නත් අපි හඳුන්වා දෙන වැඩසටහන සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න අවසන් කරලා තියනවා.“
“ඒ වගේම ඔබ කවුරුත් දන්නවා ලංකාවෙන් පිටරට යනකොට කෙනෙක්ට පිටරකට වීසාවක් ගන්නකොට ලංකාවේ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන ආයතනය තමයි VFS ආයතනය. අපි ඒ ආයතනය එක්කත් සාකච්ඡා කරලා මේ වෙනකොට ගිවිසුම් අත්සන් කරලා තියනවා. අපේ රටට ලෝකයේ ඒ ගොල්ලන්ගේ රටවල් 145 ක ආයතන පිහිටුවලා තියනවා. භාෂා ගණනාවකින් ලෝකේ සියලුම රටවල වගේ භාෂාවලින් මේ ආයතනයේ වැඩ කරනවා. දැන් අපි අපේ රටට එන අයට වීසාවන් ලබා ගැනීමට මේ VFS ආයතනයේ සහය ලබා ගන්න අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරලා අවසන් කරලා මේ වන විට තාක්ෂණිකව අප ආයතන දෙක සම්බන්ධවෙන ආකාරය සාකච්ඡා කරමින් පවතිනවා. ඉදිරි මාසය තුළ මේ වැඩසටහන අවසන් වනවා. අපි බලාපොරොත්තු වෙනවා. මිලියන 3ක 4ක ප්‍රමාණයක සංචාරකයන් රටට ගෙන්වා ගන්න මේ හරහා අපට පුළුවන්කම ලැබෙයි කියලා."
Video Story