සමාගම් 5ක් කොටස් වෙළෙඳපොළට සමුදෙයි

    January, 18, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5ක් කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ.

    ඒ අනුව ඊයේ (17) දින සිට බලපැවැත්වෙන පරිදි නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන අතර අද (18) දින සිට බලපැවැත්වෙන පරිදි Indo-Malay, Good Hope, Selinsing සහ Shalimar (Malay) යන සමාගම් ඉවත් වනු ඇත.

    අදාළ සමාගම් විසින් ස්වෙච්ඡාවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කළ බව මීට පෙර නිවේදනය කර තිබුණි.