January, 22, 2024
ආයතනික තිරසාරභාවය සඳහා වූ මුලපිරීමක් ලෙස සෙලින්කෝ ලයිෆ් විසින් බලංගොඩ ප්‍රදේශයේ අක්කර 10ක් පුරා පැතිරුණු විනාශ වී ගිය වැසි වනාන්තරයක් ප්රතිරෝපණය කිරීම සහ අවුරුදු 5ක් යනතුරු එහි නඩත්තු කටයුතු සිදු කිරීමේ වගකීම ද භාර ගෙන ඇත.
ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පැවසූයේ රුපියල් මිලියන 5.7ක ආයෝජනයක් සමඟින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සමඟ සහයෝගීත්වයෙන් සිදු කෙරෙන බවය. මෙමගින් පැළ 10,000ක් සිටුවීමට බලාපොරොත්තු වේ.
ප්රතිරෝපණයට ලක්වන වනාන්තර භූමිය තෙත් හා මධ්‍යම කලාප දෙක අතර මායිමෙහි බලංගොඩ රජවක ප්‍රදේශයේ පිහිටා ඇත. එම භූමි ප්‍රදේශය තණකොළ, පඳුරු සහිත භූමිය, කඳු සහ ජලධාරක ප්‍රදේශ වලින් සමන්විත පරිසර පද්ධතියක කොටසකි. වසර ගණනාවක් පුරාවට මිනිසා විසින් ඇති කරන ලද ලැව්ගිනි නිසා එහි ස්වභාවික වාසස්ථාන විනාශ වී යාමෙන් එම වන ප්‍රදේශය හායනයට ලක් ව ඇත.
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ එම භූමි ප්‍රදේශය නැවතත් වැසි වනාන්තරයක් බවට පත් කර ප්‍රදේශවාසීන්ට පරිසරය ආරක්ෂා කිරීමට උපකාර කිරීමයි. එමගින් ජලධාරක ප්‍රදේශ හා ජලය ආරක්ෂා වීම වැඩි දියුණු වනු ඇතැයි බලාපොරොත්තු වේ. තවද එම ප්‍රදේශයේ ඇතිවන ලැව්ගිනි සංඛ්‍යාව අඩු කරමින් ලැව්ගිනි සඳහා ඇති ප්‍රතිරෝධය වැඩි කිරීමටත්, ජෛව විවිධත්වය ගොඩනැඟීමටත්, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට හිතකර පරිසරය සකස් කරමින් පසෙහි සාරවත්භාවය උසස් කිරීමටත්, සහ මී මැස්සන් හා බඹරුන් වැනි පරාග වාහක ජනපද සඳහා හිතකර වූ වාසස්ථාන නැවත පිහිටුවීමටත් බලාපොරොත්තු වේ.
ව්‍යාපෘතිය මඟින් ජනතාවට ද විවිධ ප්රතිලාභ ලබාදෙයි. එනම් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය ලබා දීම හා දිගුකාලීන කාබන් ප්රතිලාභ උත්පාදනය කිරීමයි. ප්‍රධාන වියන් විශේෂ ද ඇතුළුව ප්‍රදේශයට ආවේණික දේශීය ගස් විශේෂ 50 ක් අක්කර 10 ක භූමි භාගයක සිටුවිය යුතු බව සමාගම පවසයි.
සෙලින්කෝ ලයිෆ් විසින් පුළුල් වූ හරිතමය න්‍යාය පත්‍රයක් ආරම්භ කර ඇති අතර තම ශාඛා පරිසර හිතකාමී මෙහෙයුම් බවට පත් කිරීම එයට ඇතුළත් වේ. ආයතනය සතුව ඇති සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැඟිලි 30කට අධික සංඛ්‍යාවක් සූර්ය බලශක්තියෙන් බලගැන්වෙන අතර ගොඩනැඟිලි හා භාවිතයන් සැලසුම් කර ඇත්තේ ඒවායේ පාරිසරික පියසටහන අවම කිරීම අරමුණු කරගෙනය.
2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 17 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත මිලියනයක් ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන: සෙලින්කෝ ලයිෆ් අධ්යක්ෂවරුන් සහ නියෝජිතයන් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ නියෝජිතයන් සමඟ ගිවිසුම හුවමාරු කර ගැනීම සහ වන වගාව සිදු වෙමින් පවතින අයුරු.
Video Story