ඩොලරය 320ට බසී

    January, 22, 2024

    අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.50 ක් සහ විකුණුම් මිල රු. 325.37 ක් ලෙසින් සටහන්ව තිබේ.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 05 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.