TIN අංකය සමූහ වශයෙන් ලබාදීමේ නව ක්‍රමවේදයක්

    January, 24, 2024

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් TIN අංකය ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද (24) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

    TIN අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර තුර සමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

    මිලියන 15 කට ආසන්න , වයස අවුරුදු 18 ඉක්වමූ පුද්ගලයන්ගේ ජීව දත්ත ගබඩාව උපයෝගී කරගෙන මෙහිදී , ඔවුන්ගේ ලියාපදිංචිය තොග වශයෙන් සිදු කිරීමත් , එහිදී පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය උපයෝගී කරගෙන ටින් අංකය ලබාදීමත් සිදු කෙරෙන බව අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා සිටියේය.

    ඒ තුළින් රාජ්‍ය ආදායම සම්බන්ධව පැහැදිලි දත්ත පද්ධතියක් රටතුළ නිර්මාණය වන බවත්, ඉදිරියේදී ඩිජිටල් හැදුනුම්පත හදුන්වා දීමෙන් පසු එම සියථ කාරණා එකට බැදුනු ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

    "TIN අංකය ලබා ගැනීම නැත්නම් බදු ලියාපදිංචියක් ලබා ගැනීම මේක ජනතාවට තවත් අලුත් බරක් විය යුතු නැහැ කියන එකේ ඉතා පැහැදිලිව රජය ඉන්නවා. අවශ්‍ය අයට දැනට මේ යන විදිහට TIN අංකය ලබා ගන්න අතරේ සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් ලබා දීම කෙරෙහි ඊයේ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා ජනාධිපති ලේකම් කාර්යාලයේ. ජනාධිපති ලේකම්තුමා, ආචාර්ය සමරතුංග මැතිතුමා ජනාධිපතිතුමාගේ ජේෂ්ඨ ආර්ථික උපදේශක. අපේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමිය ඇතුළු කණ්ඩායම. විශේෂයෙන්ම අපේ අවධානය යොමු වුන රාජ්‍ය ආයතන රාශියක තියනවා රටේ ජනතාවගේ ජීව දත්ත තොරතුරු ඒකරාශී කරපු පද්දතියක්. ලොකු ඩේටා බේස් එකක් තියනවා. මෙන්න මේ පද්ධතිය පාවිච්චි කරලා ජනතාවට අපහසුවක් නැතුව මේ අංකය ලබා දීම. මේකේ සමහර ආයතන වල තොරතුරු ලබා ගැනීමේ නීතිමය බාධකත් තියනවා. ඉතින් එතනදි අපට විශේෂ අවධානය යොමු වුනේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තියන දත්ත පද්ධතිය කෙරෙහි. මේකට කොමසාරිස් ජනරාල්තුමත් සහභාගී වුණා. දැන් අපේ ඉලක්කය තියෙන්නේ මේ රටේ ඉන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන් බැලුවොත් මිලියන 14ක් 15ක් විතර අන්න ඒ ප්‍රමාණයෙන්ම දත්තයන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තියනවා. ඒ නිසා ඔවුන්ගෙන් දත්ත ලබා ගෙන තොග වශයෙන් මේ බදු ලියාපදිංචිය ලබා දීම නැත්නම් bulk registration. මේක තමයි පහසු ක්‍රමය. එතන දි අපට වැදගත්ම දේ මේ ලියාපදිංචිය ඒ ක්‍රමයට යනකොට පුද්ගල හැඳුනුම්පතේ තියන අංකයම භාවිතා කරලා මේ ලියාපදිංචිය කරන්න පුළුවන්. මේක ඉතාමත් පහසු සරල ලොකේ පවතින ක්‍රමයක්. ඉන් පස්සේ අපි යන ඩිජිටල් හැදුනුම්පතට යෑමේ අපේ තියනවා බලාපොරොත්තුවක් ඒකත් එක්ක. ඉතාමත් පැහැදිලි දත්ත පද්දතියක් රට තුළ නිර්මාණය වනවා රාජ්‍ය ආදායම සම්බන්ධව."