“ඊළඟ වතාවේ නිවාඩුවකට යනවා නම් ශ්‍රී ලංකාවට යන්න“ – ඉන්දීය විදේශ ඇමතිගෙන් ඉල්ලීමක්

    January, 31, 2024

    මුම්බායි හි පැවති ඉසව්වකට ඊයේ (30) එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා සුභවාදී ප්‍රකාශයක් සිදුකළේය. ඔහු එහිදී රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවේ “ඔබ මීළඟට නිවාඩුවකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, ශ්‍රී ලංකාවට යන්න. මම අවධාරණයෙන් කියන්නේ“, යනුවෙනි.

    මුම්බායි හි Indian Institute of Management (IIM) සිසුන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සහිත සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.