කොළඹ උද්ධමනය වැඩිවෙයි

    January, 31, 2024

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය. 

    මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 ක් දක්වා ත් ආහාර නොවන උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 5.8හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 7.9 ක් දක්වා ත් ඉහළ ගොස් තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.