භාණ්ඩාගාර බිල් පොලියේ දැවැන්ත පහළ යාමක්

    February, 1, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 13.35% සිට 11.97% දක්වා පදනම් අංක 138 කින් ද, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 13.41% සිට 12.20% ක් දක්වා පදනම් අංක 121 කින් ද පහළ ගොස් ඇත.

    මීට අමතරව දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 12.78% සිට 12.00% ක් දක්වා පදනම් අංක 78 කින් අඩු වී තිබේ.

    මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන 407,178 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

    එහිදී වෙන්දේසිය සහා ඉදිරිපත් කළ බිල්පත් ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 160,000 ක ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබේ.