ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

    February, 5, 2024

    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී ක්‍රියාවට නංවන “Cleaner Seabeds for Sri Lanka Expedition” ව්‍යාපෘතියේ නිල හවුල්කාරීත්ව උත්සවය 2024 ජනවාරි 30 දින පැවැත්විණි. දෙහිවල පලගල උතුර කොරල්පරය ආශ්‍රිතව සිදු කරන ලද 21 වන කිමිදුම් වාරයට සමගාමීව පවත්වන ලද මෙම උත්සවයේ දී ආරාධිතයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසියක් ද පවත්වන ලද අතරඑහිදී කිමිදුම් සහ පිරිසිදු කිරීම් ක්‍රියාවලිය, PADI සහතික ලත් ස්වේච්ඡා කිමිදුම්කරුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රමිතීන්අපද්‍රව්‍ය එක්රැස් කළ පසු සිදු කරනු ලබන විගණන ක්‍රියාවලියඑක් රැස් කර ගත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා භාවිතා කිරීම සහමෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙතෙක් අත්කරගෙන ඇති යහපත් ප්‍රතිඵල යනාදී කරුණු සාකච්ඡා කරන ලදි.

    මෙම උත්සවයට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියමධ්‍යම පරිසර අධිකාරියපරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් මෙන්ම Plasticcycle සමග අත්වැල් බැඳ ගෙන සිටින පෞද්ගලික අංශයේ හවුල්කරුවන් වන Enviro, Cleantech, Clean Cities, Blue Oceans Programme (CCBO), Research Triangle Institute සහ Eco Spindles යන සමාගම් හා සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන්ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති සහ ආයතනික මූල්‍යසමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ප්‍රධානී නිස්රීන් රේමන්ජී මහත්මිය මෙසේ අදහස් පළ කළා ය. “2023 වසරේ අප්‍රේල් මාසයේදී Pearl Protectors සමග අත්වැල් බැඳගත් දා පටන් මේ වනවිට අප කිමිදුම් වාර 21 ක් සම්පූර්ණ කර තිබෙනවා. මෙමගින් අපට ත්‍රිකුණාමලයමන්නාරම සහ කොළඹ යන දිස්ත්‍රික්කවල පමණක් කොරල් පරවලින්අත්හැර දමන ලද මත්ස්‍ය දැල් හා වෙනත් ධීවර උපාංග සහ ප්ලාස්ටික් බෑග් ඇතුළු ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,230 කට අධික ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකියාව ලැබුණා. එමෙන්ම මෙම වැඩසටහන සමග අත්වැල් බැඳ ගැනීම නිසාසමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ මෙහෙවරට දායක වීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ස්වේච්ඡා කිමිදුම් කරුවන්ට මහඟු අවස්ථාවක් ලැබී තිබෙනවා.”

    Plasticcyle යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) මගින් ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (පීඑල්සී) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතර විශාලතම සමාගමයි. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබනවසර 150 කට අධික ඉතිහාසයක් සහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සේවක සේවිකාවන් 15,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව තුන්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය.

    ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් සමාගමජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.