February, 6, 2024
මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,000 ක් පමණ වන නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික්ටොන් 12,500 ක් පමණි.
පසුගිය කන්නය තුළ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමටත්, ඉන් අනතුරුව, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණයක් ඉදිරි වසර 04 ක කාලය තුළ දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා වන කාලසීමාවේදී ආනයනය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story