February, 7, 2024
මූල්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයකු වන NDB බැංකුව සිය නව ප්‍රධාන විධායක නිලධාරී / අධ්යක්ෂ ලෙස කැළුම් එදිරිසිංහ මහතා පත්කල බව ඉමහත් සාඩම්බරයෙන් දැනුම් දෙයි. එම මහතා 2024 පෙබරවාරි මස පළමුවන දින සිට සිය රාජකාරී ආරම්භ කරනු ඇත.
වසර 30 කීර්තිමත් වෘත්තීය සේවා පළපුරුද්දක් ඇති එදිරිසිංහ මහතා NDB බැංකුව සමග සම්බන්ධ වන්නේ, ශ්‍රී ලංකා සහ මාලදිවයින HSBC බැංකුවේ විශිෂ්ට සේවා කාලයක් ගතකිරීමෙන් පසුවයි. ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රාශියක් ඔහුගේ අත්දැකීම් සමුදායට අයත් වන අතර, ඔහු අවසන් වරට HSBC බැංකුවේ ප්‍රධාන අවදානම් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කල අතර, අවධානම් කමිටුවේ සභාපති ධූරයද හොබවන ලදී.
එදිරිසිංහ මහතා බැංකු ක්ෂේත්රයෙහි ඔහුගේ සේවා කාලය තුල අවදානම් කළමනාකරණය, වාණිජ බැංකුකරණය, අරමුදල් කළමනාකරණය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විශ්ලේෂණය සහ ශාඛා බැංකුකරණය ඇතුළු විවිධ විෂයයන් හි විශිෂ්ඨ නායකත්ව හැකියා පෙන්නුම් කර ඇත. ඔහුගේ අධ්‍යාපන ජයග්‍රහණ අතරට මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය, වරලත් බැංකුකරණ ආයතනය, සහ ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කවුන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඇතුළත් වේ. මීට අමතරව, ඔහු සහතිකලත් වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳ සහතික පත්‍රයක් ද හිමිකරගෙන ඇත.
බැංකුකරණයේ විශිෂ්ඨත්වය වෙනුවෙන් එදිරිසිංහ මහතාගේ ඇති කැපවීම ඔහුගේ වෘත්තීය භූමිකාවෙන් ඔබ්බටද විහිදී යයි. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකුකරණ අධ්‍යයන මධ්‍යස්ථානයේ පීඨ උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසද ක්ෂේත්රයට සක්‍රීයව දායකත්වය සපයයි.
කැළුම් එදිරිසිංහ මහතාගේ මෙම පත්වීම, NDB බැංකුවේ වෘත්තීය පලපුරුද්ද සහිත ඉහල කළමනාකාරීත්ව කණ්ඩායමේ ශක්තිය ඉහල නැංවීම පිළිබඳ උපායමාර්ගික දැක්ම මනාව පිළිබිඹු කරයි. අවදානම් කළමනාකරණය, වාණිජ බැංකුකරණය සහ උපාය මාර්ගික නායකත්වය පිළිබඳ ඔහුගේ පළපුරුද්ද NDB බැංකුවේ විශිෂ්ඨත්වය, නවෝත්පාදන සහ පාරිභෝගික කේන්ද්‍රීය වටිනාකම් වෙනුවෙන් ඔවුන්ගේ ඇති කැපවීම සමඟ මැනවින් සමපාත වේ.
සිය නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් එදිරිසිංහ මහතා කියා සිටියේ මූල්‍ය විශිෂ්ඨත්වය සහ නවෝත්පාදන වෙනුවෙන් කැපවී සිටින ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ බැංකුවක් වන NDB බැංකුව සමඟ සම්බන්ධ වීමට ලැබීම තමාට ඉමහත් ගෞරවයක් බවයි. තවදුරටත් එම මහතා අදහස් දක්විමින් NDB බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වය වෙනුවෙන් සිය අත්දැකීම් භාවිතා කරමින් එහි දැක්මට සමගාමීව උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමටද තමා බලාපොරොත්තු වන බව කියා සිටියේය.
කැලූම් එදිරිසිංහ මහතාගේ පත්වීමත් සමඟ බැංකුකරණය නව පරිච්ඡේදයක් කරා ගෙන යාමටත්, කැපී පෙනෙන මූල්‍ය විසඳුම් ලබා දෙමින් බැංකුකරණයේ නවෝත්පාදනයන් ඔප් නැංවීමට සහ ආයතනික පරිපාලනයේ ඉහළ ප්රමිතීන් පවත්වා ගැනීමට NDB බැංකුවේ තිබෙන කැපවීම යළිත් තහවුරු කරයි.
පසුගිය වසර හතක කාලය පුරාවට NDB බැංකුව මෙහෙය වූ හිටපු ප්‍රධාන විධායක නිළධාරී දිමන්ත සෙනෙවිරත්න මහතාගේ අති විශිෂ්ට නායකත්වය සහ ඉමහත් කැපවීම වෙනුවෙන් NDB බැංකුව සිය ගෞරව පූර්වක කෘතඥතාවය එතුමාට පුද කරන අතර එතුමා තුල තිබූ නොපසුබට උත්සාහය NDB බැංකුවේ දියුණුව සහ සාර්ථකත්වය වෙනුවෙන් සැලකිය යුතු ලෙස දායක වී තිබේ. එම අති විශිෂ්ට සේවාව වෙනුවෙන් NDB බැංකුව සිය හෘදයාංගම ප්‍රශංසාව පිරිනමන අතර එතුමාගේ සිලූම ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම්ද එක් කර සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. 2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේ දී වසරේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කෙරිණි. එමෙන්ම, ඒෂියා මනී (Asiamoney) විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම බැංකු සමාගම ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. භෘඊ බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.
Video Story