මහ බැංකුවේ අද විශේෂ සාකච්ඡාවක්

    February, 7, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී ඇත.

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සලකා බලමින්, මුදල් සැපයුම, මුදල් ලබා ගැනීමේ හැකියාව සහ මුදල් පිරිවැය නියාමනය කරනු ලැබිය යුතු ය.

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මහ බැංකු අධිපති (මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි සභාපති විය යුතු පුද්ගලයා), පාලක මණ්ඩලයෙහි සාමාජිකයන්, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය පිළිබඳ විශේඥයන් දෙදෙනෙකු, මිල ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපති සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගෙන් සමන්විත වේ.

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි ලේකම් මහ බැංකු අධිපතිවරයා විසින් නම් කරනු ලබන මහ බැංකු සේවකයෙකි. 

    වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් පහත පරිදි වේ.

    ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ - අධිපති - මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයෙහි සභාපති

    නිහාල් ෆොන්සේකා - පත් කළ සාමාජික

    ආචාර්ය රවී  රත්නායක - පත් කළ සාමාජික

    අනුෂ්ක විජේසිංහ - පත් කළ සාමාජික

    විශ් ගෝවින්දසාමි - පත් කළ සාමාජික

    ආචාර්ය දුෂ්නි වීරකෝන් මෙනෙවිය - පත් කළ සාමාජික

    ආචාර්ය ප්‍රියංග දුනුසිංහ - පත් කළ සාමාජික

    රජීව අමරසූරිය - පත් කළ සාමාජික

    මනිල් ජයසිංහ - පත් කළ සාමාජික

    ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මිය - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

    කේ. එම්. ඒ. එන්. දවුලගල මිය - නියෝජ්‍ය අධිපති