February, 8, 2024
2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් ලෙසින් වාර්තා වී තිබේ.
පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 4,279 ක් ලෙසයි.
මීට අමතරව ඉන්දියාවෙන් 4,123 ක්, එක්සත් රාජධානියෙන් 2,592 ක්, ජර්මනියෙන් 1,977 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.


Video Story