February, 8, 2024
ඊයේ (07) දිනයේ දී මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමියන්ගේ ලැයිස්තුවේ 7 වැනි තැනෙහි සිටි Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට පියවර ගත්තේය.
එහිදී කොටස් 61,904,939 ක් හුවමාරු වී තිබුණු අතර අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 11.28 ක් ලෙසින් සටහන් විය.
අදාළ ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය මේ සම්බන්ධයෙන් අද (08) දින නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනුව මෙම කොටස් මිල දී ගැනීම සිදුකර ඇත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස්කාර ලැයිස්තුවේ තෙවැනි විශාලතම කොටස්කරුවා වන HWIC Asia Fund විසිනි.
ඔවුන් මෙතෙක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 119,200,760 කට හිමිකම් කියනු ලැබූ අතර, ඊයේ දින සිදුකළ ගනුදෙනුවෙන් පසු ඔවුන්ගේ කොටස් හිමිකාරීත්වය කොටස් 181,105,699 ක් දක්වා ඒ අනුව ඉහළ යනු ඇත.
ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයට අනුව මෙය 8.6% සිට 13.0% ක් දක්වා ඉහළ යාමකි.

Video Story