February, 12, 2024
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම අද (12) දින මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරිණි.
NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමිව සිදු කෙරුණු අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.
Video Story