ප්‍රධාන පෙළේ බැංකුවකට පැනවූ තහනමක් යළි දීර්ඝ කෙරේ

    February, 15, 2024

    ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒසියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීමට 2017 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන ලදී. මෙම ව්‍යාපාර අත්හිටුවීම වරින් වර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලැබීය.

    මේ අතර පෑන් ඒසියා බැංකුවේ සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (15) දැනුම් දීමක් කරමින් සඳහන් කර සිටින්නේ අදාළ අත්හිටුවීම 2024 පෙබරවාරි 15 දින සිට තවත් මාස 06කට දීර්ඝ කර ඇති බවයි.

    කෙසේවෙතත් මෙම බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු සඳහා සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා බලපෑමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.