JICA කොළඹ නව කාර්යාලය විවෘත කෙරේ

    February, 19, 2024

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) කොළඹ නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම මෙරට ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා ඇතුළු නියෝජිතයන්ගේ ප්‍රධානාත්වයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සදාකාලික බැඳීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) දායකත්වය පිළිබඳව එහිදී සේමසිංහ මහතා අවධාරණය කළේ ය. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රබල හවුල්කරුවකු වන ජපානය ඉදිරි කටයුතු වෙනුවෙන් ද ලබා දෙන සහාය අමාත්‍යවරයා එහිදී අගය කළේ ය.

    විශේෂයෙන් ම ප්‍රවාහන යටිතල පහසුකම්, බලශක්තිය, ජල සම්පාදනය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය ඇතුළු තීරණාත්මක අංශවල වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන මාර්ගයට අවතීර්ණවීමට ඔවුන් දක්වන දායකත්වය ද එහි දී අගය කෙරිණි.