February, 19, 2024
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්කි මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාවය බලාත්මක කිරීම සඳහා 2023 සැප්තැම්බර් මස 27 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රු. මිලියන 14කි.
එලෙස දණ්ඩන මගින් එකතු කරගන්නා ලද මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.



Video Story