February, 20, 2024
අස්වැසුම වැනි විශ්වාසනීය සහ වඩාත් පිළිගත හැකි සමාජ සුබ සාධන ක්‍රමවේදයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවතීම හේතුවෙන් බදු ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය පහසුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය ව්‍යවාසය හේතුවෙන් 2022 වසරේ රජයට වූ රුපියල් බිලියන 745ක පාඩුව 2023 වසරේ දී මුල් මාස නවය තුළ රුපියල් බිලියන 313ක ලාභයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි. උපයන විට බද්ද සඳහ නව අනුපාත හඳුන්වා දෙමින් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමට හැකි වූ බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්ධන, විදුලිය සහ ජලය සඳහා පිරිවැයට සමාන මුදලක් අය කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 11 වැනි ආසියා පැසිෆික් කලාපීය තිරසාර සංවර්ධන සඳහා වූ සමුළුව අමතමිනි. වෙනස් වන ලෝකයක සමාජ ආරක්ෂණය පිළිබඳ නව මායිම් මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබේ.
සිදු කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් ස්ථායිකරණයේ සහ ආර්ථික වර්ධනයේ ලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ 70% මට්ටමේ පැවැති උද්ධමනය 6.4% මට්ටමට අඩු කර ගැනීමට හැකිව ඇති බවයි. රුපියල් 400කට ආසන්න මට්ටමේ පැවැති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අනුපාතය අද වන විට 313 දක්වා අවම වී ඇත. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ ආර්ක්ෂණ ජාලය ශක්තිමත් කිරීම ද මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස ක්‍රියාත්මක බවයි. එහි දී විශේෂයෙන් ම මීට පෙර දශක කිහිපයක් රට තුළ ක්‍රියාත්මක වූ සමෘද්ධි වැඩසටහන සඳහා වූ නිර්නායක දේශපානයෙන් සහ පෞද්ගලික අභිමතය පරිදි ප්‍රතිලාභීන් තෝරා ගත හැකි ක්‍රමවේදය ඉවත් කෙරිණි. මේ හේතුවෙන් අර්බුදයට පෙර එනම් 2019 වසරේ දී ආර්ථික දුෂ්කරතාවන්ට රජය වෙන් කළ මුදල තුන් ගුණයක් බවට පත් කිරීම හැකි ව ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
Video Story