February, 20, 2024
වානිජමය කාර්යයන් සම්බන්ධයෙන් වන විෂය පථයට අදාළ කරුණු, නීති විෂය තුළ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කරනු ලබන අතර, එවැනි කරුණු සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී සැලකිය යුතු පිරිවැයක් දැරීමට සහ කාලයක් ගත කිරීමට ද සිදු වේ.
ඒ හේතුවෙන් වාණිජමය ආරවුල් සමථයකට පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ලබයි. එම තත්ත්වය රටක ව්‍යාපාර කර ගෙන යාමේ හැකියාව දක්වන පෙළ ගැස්වීම තුළ (Ease of Doing Business) ශ්‍රී ලංකාව පහළ ස්ථානයක පැවතීමට ද හේතු වී ඇත.
මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් හඳුනාගනු ලබන අධිකරණවල සියලු කාර්යයන් හෝ නිශ්චිතව දක්වා ඇති වාර්තා සහ නීති කෘත්‍ය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර ලබා දීමේ විධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(4) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධිකරණ විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කිරීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story