ETCA සාකච්ඡාවල අලුත්ම තත්ත්වය මෙන්න

    February, 20, 2024

    යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි (ETCA) 13 වන වටයේ සාකච්ඡා 2024-01-08 දින සිට 10 දින දක්වා නවදිල්ලියේදී පවත්වනු ලැබ තිබේ. එහිදී, "භාණ්ඩ වෙළෙඳාම", "පූර්විකාව, සාමාන්‍ය විධිවිධාන හා සාමාන්‍ය ව්‍යතිරේක", "සේවා වෙළෙඳාම", "ප්‍රභවස්ථාන රීති", "රේගු පටිපාටිය හා වෙළෙඳාම පහසුකරණය", "සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව පිළිබඳ මිනුම්", "වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක", "වෙළෙඳ විමසුම්" සහ "ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව" යන අනුකමිටු නවය විසින් සාකච්ඡා පවත්වා ඇත.

    2024 පෙබරවාරි මස අග භාගයේදී ගැටුම් නිරාකරණය හා අවසන් විධිවිධාන පිළිබඳ අනුකමිටුව නවදිල්ලියේදී අදාළ පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    එසේම, යෝජිත සහයෝගිතා ගිවිසුමේ 14 වන වටයේ සාකච්ඡා 2024 මාර්තු පළමුවන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

    යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමෙහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.