February, 22, 2024
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 312 සීමාවෙන් මෙපිටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන්ව ඇත්තේ රු. 311.68 ක් ලෙසිනි. මෙය 2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරයේ එතැන් අනුපාතිකය රු. 312 සීමාවෙන් මෙපිටට පැමිණි දෙවන අවස්ථාව ලෙසින් සැලකිය හැකිය. මීට පෙර පසුගිය පෙබරවාරි 05 වන දා රු. 311.41 ක් ලෙසින් එම අගය වාර්තා විය.
මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 306.53 ක් ලෙසත් විකුණුම් මිල රු. 316.06 ක් ලෙසත් සටහන් වී ඇත.
Video Story