වෝටර්ස් එජ් අක්කර 4ක් අසෝක විද්‍යාලයට

    February, 27, 2024

    බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60ක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ - 10, අසෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මඟින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.