March, 1, 2024
2024 වසරේ ජනවාරි මාසයේ දී, වෙළඳ ගිණුමේ හිඟය ප්රධාන වශයෙන් ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් පුළුල් විය.
වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, ප්රධාන වශයෙන් ආනයනයන් හි ඉහළ වර්ධනයත් සමඟ 2023 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 445ක සිට 2024 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 541ක් දක්වා පුළුල් විය.
මීට අමතරව 2024 වසරේ ජනවාරි මාසයේ වෙළෙඳ හිඟය, 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 487 ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව ද පුළුල් විය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
Video Story