සුරේන් කුක් එජන්සීස්, සුමිටෝමෝ කෙමිකල් සමඟ එක් වෙමින් වේයන් මර්දනය සඳහා පරිසර හිතකාමී විසඳුමක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    March, 4, 2024

    පළිබෝධ මර්දනයේ සඳහා නව්‍ය විසඳුම් ශ‍්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමේ ප‍්‍රමුඛයා වන සුරේන් කුක් ඒජන්සීස්, ලොව ප‍්‍රමුඛතම රසායනික නිෂ්පාදන සමාගමක් වන සුමිටෝමෝ කෙමිකල් සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් සනිටුහන් කරමින් වේයන් මර්දනයේ නවතම නිෂ්පාදනයක් වන වසාරි 10 එෆ් එල් (Wazary 10FL) පසුගියදා මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. වඩා ඵලදායී මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වන මෙම වසාරි 10 එෆ් එල් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීම වේයන් මර්දන ක්ෂේත‍්‍රයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කිරීමක් ලෙසද සඳහන් කළ හැකිය.

    පළිබෝධ මර්දනය වෙනුවෙන් තිරසාර හා ඵලදායී විසඳුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීම උදෙසා වන සුරේන් කුක් ඒජන්සීස් හා සුමිටෝමෝ කෙමිකල් හි කැපවීම මනාව පෙන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය, වේයන් මර්දනය සඳහා විෂ රහිත නිෂ්පාදන භාවිත කිරීමේ සුරේන් කුක් ඒජන්සීස් හි ආයතනික දර්ශනයද මනාව අවධාරණය කරනු ලබයි. විශේෂයෙන් මේ තුළින් මිනිසාට මෙන්ම පරිසරයට වඩාත් හිතකර අයුරින් වේයන් පලවා හැරීමට හැකි වන බැවින් එය පාරිභෝගිකයාටද මහත් අස්වැසිල්ලක් වනු නිසැකය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරේන් කුක් ඒජන්සීස්හි කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් කුක් මහතා ‘‘අද්විතීය නිෂ්පාදනය ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වාදීම වෙනුවෙන් සුමිටෝමෝ කෙමිකල් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ආරක්ෂිත හා පරිසර හිතකාමී නව්‍ය වේයන් මර්දන විසඳුමක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන අපගේ කැපවීම මෙම නවතම නිෂ්පාදනය තුළින් මනාව ප‍්‍රදර්ශනය වනවා. මහජනතාවට ආරක්ෂා සහිත නිෂ්පාදනයක් ලබා දීමේ අපගේ මෙහෙවරෙහි තවත් සුවිසල් පියවරක් තැබීමට මෙම වසාරි 10 එෆ් එල් නිෂ්පාදනය තුළින් අවස්ථාව උදා වී ඇති අතරම ඒ තුළින් සෞඛ්‍යට හා පරිසරයට කිසිඳු හානියකින් තොරව වේයන් පාලනය සඳහා නව ප‍්‍රමිතියක් ලබා දීමටද හැකි වනවා. මෙය හුදෙක් නව නිෂ්පාදනයක් වෙළෙඳපොලට හඳුන්වා දීමක් පමණක් නොව වේයන් මර්දනයේ තිරසාර හා ඵලදායී මිනුම් දණ්ඩක් ලෙසද පෙන්වා දිය හැකියි’’ යනුවෙන් පවසා සිටින ලදී.

    වඩා තිරසාර හරිත අනාගතයක් අරමුණු කොට ගනිමින් ගොඩ නැගුණු සම්බන්ධතාවක් ලෙස සුරේන් කුක් සහ සුමිටෝමෝ කෙමිකල් අතර වන හවුල්කාරීත්වය පෙන්වා දිය හැකිය. සුමිටෝමෝ කෙමිකල්හි පර්යේෂණ හා සංවර්ධන විශිෂ්ටත්වයේ නිර්මාණයක් වන වසාරි 10 එෆ් එල් රසායන විද්‍යාව තුළින් පාරිභෝගිකයා වෙත සුවිශේෂී නිපැයුමක් ඉදිරිපත් කිරීම සඳහා වන එහි කැපවීමද යළි යළිත් පිළිබිඹු කරනු ලබයි. වේයන් මර්දනයේ නවතම තාක්ෂණික දියුණුව වෙළෙඳපොලට ගෙන එන මෙය පාරිභෝගිකයා වෙත අසමසම කාර්යක්ෂමතාවක් හා ආරක්ෂාවක් සනිටුහන් කරනු නොඅනුමානය.

    වේයන් පමණක් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කර ඇති වසාරි 10 එෆ් එල් අවම පාරිසරික බලපෑමක් සමඟ දිගු කාලීන ආරක්ෂාවක්ද සහතික කරන අතර වෙනත් පළිබෝධකයින්ට සිදු කරන බලපෑමද අවම කරන බැවින් වාණිජ මෙන්ම නිවාස සඳහාද කදිම විසඳුමක් වනු ඇත. තවද තිරසාර නිෂ්පාදන භාවිතය සඳහා වන ගෝලීය ප‍්‍රවණතාවන් ශ‍්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමටද සුරේන් කුක් ඒජන්සීස් මේ තුළින් සමත්ව සිටියි.

    1985 වසරේදී ආරම්භ කරන ලද සුරේන් කුක් ඒජන්සීස් මේ වන විට ශ‍්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනෙහිද පළිබෝධ මර්දනයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා බවට පත්ව ඇත්තේ විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාවය හා වෘත්තීමය භාවය මනාව ප‍්‍රකට කරමිනි. විශේෂයෙන් ගුණාත්මක හා පරිසර හිතකාමී නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමට නිරන්තරයෙන් කැප වන සුරේන් කුක් ඒජන්සීස් මෙම නවතම නිෂ්පාදනය තුළින් එය යථාර්තයක් බවට පත් කිරීමටද සමත්ව සිටියි.

    පාරිභෝගිකයා වෙත ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදන ලබා දීමෙන් නොනැවතී තිරසාර ආකාරයෙන් වේයන් මර්දනය කිරීම පිළිබඳව මහජනතාව මෙන්ම කර්මාන්ත වෘත්තිකයන් දැනුවත් කිරීමටද සුරේන් කුක් ඒජන්සීස් සහ සුමිටෝමෝ කෙමිකල් කැපවී කටයුතු කරයි. ඒ නිසාම නවතම එළිදැක්වීම සමඟින් වගකීම් සහගත වේයන් මර්දන ක‍්‍රම ඉහළ නැංවීම අරමුණු කොටගත් වැඩමුළු හා පුහුණු සැසි මාලාවක් දියත් කිරීමටද ඔවුන් සැලසුම් කර ඇත.

    වේයන් මර්දනයේ උසස් හා නව්‍ය විසඳුම් වෙළෙඳපොල වෙත ගෙන ඒමේ සමාගම් දෙකෙහි සහයෝගීතා ප‍්‍රයත්නයක් වන මෙම වසාරි 10 එෆ් එල් නිෂ්පාදනය පිළිබඳ සිදු කර ඇති සමීක්ෂණයන් තුළින් හෙලි වී ඇත්තේ පරිශීලයින් 9 දෙනෙකු අතරින් සියලූ දෙනාම මෙම නිෂ්පාදනය තමන්ගේ හිතවතෙකු වෙත නිර්දේශ කරන බවයි. ඒ තුළින් නිෂ්පාදනයේ විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසයද මනාව තහවුරු වේ.

    සුරේන් කුක් ඒජන්සීස් සහ සුමිටෝමෝ කෙමිකල් අතර සහයෝගීතාවය 2013 වසරේදී ආරම්භ වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස නවතම වසාරි 10 එෆ් එල් ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. නිරන්තරයෙන් නවෝත්පාදනයන් හඳුන්වා දෙමින් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන් පසුරාලීම සඳහා වන විසඳුම් ගෙන ඒමට කැපවී සිටින ඔවුන් වේයන් මර්දනය උදෙසා තිරසාරභාවයේ හා ඵලදායීත්වයේ නව ප‍්‍රමිතීන් තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉඩ හසර විවර කර දීමට සමත්ව සිටියි.