කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමීන් හා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව 2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා; සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.