March, 6, 2024
NDB බැංකුව රටේ කීර්තිමත් පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්ද විද්‍යාලයයන් අතර පැවැත්වෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟාවලියේ මෙවර නිල බැංකු සහකරු ලෙස දායකවූ බවට ඉතා ආඩම්බරයෙන් යුතුව දැනුම්දෙයි. මෙවර පැවැත්වෙන 94 වන සුලෝහිත සංග‍්‍රාමය ක‍්‍රිකට් ගැටුම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රටේ ජනප‍්‍රියතම වාර්ෂික ක‍්‍රිකට් තරඟාවලියකි. මේ තරඟාවලිය මාර්තු මස 2 සහ 3 වන දිනයන් හිදී SSC කොළඹ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. සුලෝහිත සංග‍්‍රාමය ක‍්‍රිකට් තරඟාවලිය ක‍්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨත්වය පිළිබඳ සංකේතයක් වන අතර, මෙම තරඟාවලිය සමඟ සම්බන්ධ වීමෙන් NDB බැංකුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගත නායකයින් සවිබල ගැන්වීම පිළිබඳව ඔවුන්ගේ ඇති කැපවීම සනිටුහන් කරයි.
මෙවර තරඟ වාරයේදී තරඟ 9 කදී අර්ධ ශතක දෙකක් සහ එක් ශතකයක් සමඟ වාර්තාගත ලකුණු 492 ක් ලබා සිටින ටෘත් ගිම්ශාන් ආනන්ද විද්‍යාලීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර, නාලන්දා විද්‍යාලයේ ක‍්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ තරඟ 7 කදී කඩුලූ 15ක් දවාගෙන එක් තරඟයකදී ලකුණු 48කට කඩුලූ 5ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් අතිවිශිෂ්ඨ දස්කම් දක්වා ඇති සජිත් විතානගේ විසිනි.
වාර්ෂික ක‍්‍රිකට් තරඟ ඉතිහාසයේ තරඟ 7කදී ජයග‍්‍රහණ ලබාගත් නාලන්දා විද්‍යාලය අභිබවා යමින් තරඟ 12කදී ජයග‍්‍රහණ ලබා සිටින ආනන්ද කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි. 94 වන සුලෝහිත සංග‍්‍රාමය තරඟාවලියේදී ඉතා ප‍්‍රබල සටනක් ලබාදෙමින් කුසලානය මෙවර තම පාසල වෙත ලබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයන් සූදානමින් පසුවෙයි.
අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුනි, මාවන් අතපත්තු, දිනේෂ් චන්දිමාල්, බන්දුල වර්ණපුර, කුමාර් ධර්මසේන, මහේල ජයවර්ධන වැනි ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කලක් නියෝජනය කළ ආනන්ද නාලන්ද සුලෝහිත සංග‍්‍රාමය එවැනි විශිෂ්ඨයන් තවත් බිහිකිරීමේ අරමුණින් මෙවරද ක‍්‍රියාත්මක වේ
කීර්තිමත් පාසල් දෙකක් සහභාගී වන මෙම ඓතිහාසික ක‍්‍රිකට් තරඟාවලිය සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව භෘඊ බැංකුව ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කර සිටියි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සංවර්ධනයත්, යොවුන් දක්ෂතා වැඩිදියුණු කිරීම සහ සාමාජීය සංවර්ධනය වෙනුවෙන් සිදුකරන දායකත්වය වෙනුවෙන් භෘඊ බැංකුවේ ඇති කැපවීම මෙවැනි වැඩසටහන් හරහා පිළිබිඹු වේ. 94 වැනි සුලෝහිත සංග‍්‍රාමය තරඟාවලිය ආරම්භ වීමත් සමඟ NDB බැංකුව කණ්ඩායම් දෙකටම සිය උණුසුම් සුභ පැතුම් පිරිනමයි. මෙවැනි හවුල්කාරීත්වයන් හරහා ශ‍්‍රී ලංකාවේ අනාගත ක‍්‍රිකට් නායකයින්ගේ සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කිරීම NDB බැංකුවේ අරමුණයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. මෑතකදී පැවති Asian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මගින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී භෘඊ බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොල තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොල ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
ඡායාරූප විස්තරය - රංග වල්පොල - NDB අලෙවිකරණ කළමනාකරු, ධාරණ කෝරලේආරච්චි NDB ප‍්‍රධාන කළමනාකරු අලෙවිකරණ, දර්ශන ජයසිංහ NDB සහකාර උප සභාපති අලෙවිකරණ, ජනරල් G. D. H. කමල් ගුණරත්න - WWV RWP RSP USP ndcpsc MPhil / ආරක්ෂක අමාත්‍යංශ ලේකම් / සභාපති ආදි ආනන්දීය ක‍්‍රීඩා සංගමය / සභාපති ආදි ආනන්දීය වෘත්තිකයන්ගේ හමුව, D.M. ලාල් දිසානායක මහතා - විදුහල්පති, ආනන්ද විද්‍යාලය , ඉරාන් චම්පික සිල්වා මහතා - විදුහල්පති, නාලන්ද විද්‍යාලය , විශිෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩක - මහේල ජයවර්ධන, ශානි පෙරේරා NDB අලෙවිකරණ විධායක නිලධාරීණී, දුලනි ද සිල්වා NDB අලෙවිකරණ විධායක නිලධාරීණී
Video Story