March, 11, 2024
බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක රුපියල් වටිනාකම අද (11) දිනයේ දී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රු. 387.68 ක් හා විකුණුම් මිල රු. 402.48 ක් ලෙසින් සටහන් වී තිබුණි.
මීට පෙර අවසන් වෙළෙඳපොළ දිනය වූ පසුගිය මාර්තු 07 වැනි බ්‍රහස්පතින්දා පවුමක ගැනුම් මිල සහ විකුණුම් මිල සටහන් වී තිබුණේ පිළිවෙලින් රු. 384.47 ක් හා රු. 399.27 ක් වශයෙනි.
මේ අතර මහ බැංකුව සඳහන් කරන පරිදි අද (11) දින බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක මිල පසුගිය 06 වැනිදා වාර්තා වූ රු. 391.63 සිට රු. 395.26 ක් දක්වා කැපීපෙනෙන ලෙස වැඩි වී ඇත.

Video Story