March, 12, 2024
2024 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ දී සුඛෝපභෝගී මගී නෞකා 6 ක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණ තිබේ.
එම නෞකා 6න් පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 6,000 ඉක්මවන බව වාර්තා වේ.
හම්බන්තොට/කොළඹ සහ තායිලන්තයේ ෆුකෙට් අතර යාත්‍රා කළ Celebrity Millennium නෞකාව පිළිවෙළින් පෙබරවාරි 14 සහ 26 යන දිනයන්හිදී හම්බන්තොට වරායට දෙවරක් ළඟා වී ඇත.
ෆුකෙට් බලා ගිය Silver Moon නෞකාව පෙබරවාරි 20 වැනිදා කොළඹ වරායෙන් පැමිණ හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.
2024 ජනවාරි මාසයේ දී ‘A’ ශ්‍රේණියේ සුඛෝපභෝගී මගී නෞකාවක් වන Le Jacques Cartier සහ මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණි Riviera යන නෞකා හම්බන්තොට වරාය වෙත සේන්දු වී ඇත. Riviera නෞකාව එහි සිට ෆුකේට් දක්වා යාත්‍රා කළ අතර Le Jacques Cartier මගී නෞකාව ශ්‍රී ලංකාවේ ගාල්ල, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත සංචාරය කර තිබේ.

CELEBRITY MILLENIUM berthed at HIP

CELEBRITY MILLENIUM Passenger embarking after excursions

LE JACQUES CARTIER berthed at HIP

Silver Moon berths at HIP

Riviera berthed at HIP
Video Story