March, 12, 2024
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ විපතට පත් ප්‍රජාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබා දීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශය සවිබලගැන්වීම මඟින් ජපාන රජය සිය සහයෝගිතාව පුළුල් කර ඇත. ඒ අනුව, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන එක්දහස් හයසීයක් (දළ වශයෙන් රුපියල් බිලියන 3.3ක) ප්රදානය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
i ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ තෙල් කාන්දු සඳහා ප්‍රතිචාර සහ කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
ii උතුරු පළාතේ ප්‍රධාන රෝහල්වල මාතෘ සහ ළමා ප්‍රතිකාර සඳහා ආධාරක උපකරණ සැපයීමේ සහ උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඇඟළුම් පාඨමාලා සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය
iii උතුරු හා නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා ආධාරක උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිය
ඒ අනුව, ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රදාන ආධාර ලබා ගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ වෙනත් අදාළ ලියකියවිලි අත්සන් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story