ශ්‍රීලංකන් ගුවන් සේවය Korean Air සමඟ එක්වෙයි

    March, 14, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.  2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ  කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම  අවස්ථාව  මෙයයි, කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන්  වර්ධනය කර ගැනීමට සහ මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද උපකාරී වනු ඇත. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීරිචඩ් නටාල් (Richard Nuttall) මහතා පැවසී ය.

    මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් සෝල් (Seoul) ඉන්චියොන් (Incheon) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක. එමෙන්ම කොරියානු ගුවන් සේවයේ  තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් , සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට ඉන්චියොන් දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතරමෙම නව හවුල්කාරීත්වය නිසා සතියේ සෑම දිනකම කොළඹ සිට සිංගප්පූරුව හරහා  සෝල් ඉන්චියොන් වෙත යෑමට හැකියාව ලැබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ චෙන්නායි අතර හා කොළඹ සහ මාලේ අතර දිනකට ගුවන් වාර තුන බැගින් සිදුකරන අතර කොරියානු ගුවන් සේවයට අයත් මඟීන්ට ද මෙම ගුවන් යනා මඟින් තම ගමනාන්ත වෙත යෑමට හැකි වීම ඉමහත් පහසුවක් වනු ඇත.

    නව හවුල්කාරිත්ව (codeshare) යටතේ ක්‍රියාත්මක ප්‍රවේශපත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ  සහ කොරියන් ගුවන් සේවයේ හි මාර්ගගත මිලදී ගැනීමේ පහසුකම ඔස්සේ සහ විකුණුම් කාර්යාල හරහා මෙන්ම සංචාරක නියෝජිතායතන හරහා ද මිල දී ගත හැක.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය අතර මෙම හවුල්කාරීත්වය (codeshare) ආරම්භ කිරීමට හැකි වීම  ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවතෙන සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. සහයෝගිතාව හා ගුණාත්මක සේවාවක් මඟින්  සිය ගුවන් මගීන් සඳහා සුවපහසු  සංචාරක අත්දැකීම් ලබා දීම ගුවන් සමාගම් දෙකහිම අරමුණ වේ.

    ඡායාරූපය: ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය අතර හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක. එමෙන්ම කොරියානු ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් , සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය.