March, 19, 2024
ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක ණය පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, ආගමික ස්ථානවල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ලංසු කැඳවා ඇති අතර, ලංසු 06ක් ලැබී තිබේ.
තාක්ෂණික ඇගයීම් කමිටුව හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක කොන්ත්‍රාත් මිලකට M/s Premier Energies Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story