March, 19, 2024
NDB බැංකුව 2024 නව අවුරුදු සමය සඳහා හැව්ලොක්සිටි සමඟ නිල බැංකු සහකරු ලෙස අත්වැල් බැඳගත් බව සතුටින් නිවේදනය කර සිටී. 2024 මාර්තු මස 14 දින සිට අප්‍රේල් මස 21 දින දක්වා NDB ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සහ ආකර්ෂණිය දීමනා පමණක් නොව අවුරුදු ක්‍රීඩා රැසක් සමඟින් හැව්ලොක්සිටි වෙළඳ සංකීර්ණයේ විනෝද වීමට මෙමඟින් අවස්ථාව සලසා දී ඇත.
මේ අවුරුදු සමයේදී NDB "අවුරුදු වාසි වෑහේ" තුළින් සාප්පු සවාරි සඳහා සුවිශේෂී සහ ආකර්ෂණිය වට්ටම් දීමනා රැසක් NDB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හව්ලොක්සිටි වෙළඳ සංකීර්ණයේදී ලබා දෙන අතර මාර්තු මස 29 දින සිට මාර්තු මස 31 දක්වා එම දීමනාව වලංගු වේ. තවද අප්‍රේල් 6 සහ 7 යන දෙදින තුලදී NDB අවුරුදු ක්‍රීඩා හැව්ලොක්සිටි වෙළඳ සංකීර්ණයේදී පවත්වනු ලබයි.
NDB බැංකුව සහ හැව්ලොක්සිටි අතර ඇති කරගත් මෙම හවුල්කරිත්වයත් සමඟ, NDB බැංකුවේ ඩිජිටල් සහ අනාගත බැංකුකරණයේ නවමු අත්දැකීම් සිය ගනුදෙනුකාරභාවතුන්ට ලබාදීමට ඇති ඇපකැපවීම මනාව පිළිඹිබු කරනු ලබයි.
එළඹෙන උත්සව සමයේ NDB වෙතින් පිරිනමන ආකර්ෂණීය දීමනා හා වරප්‍රසාද සමඟින් NDB ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීමට අදහස් කරන ගනුදෙනුකරුවන්ට https://www.ndbbank.com/cards වෙබ් අඩවිය හරහා අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව සකසා ඇත. වැඩි විස්තර සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන NDB ඇමතුම් මධ්‍යස්ථානය 0112448888 ඔස්සේ සම්බන්ධ කරගනිමින් තොරතුරු ලබා ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට සකසා ඇත.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. මෑතකදී පැවති Asian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මගින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.
Video Story