කොටස් පොළේ ප්‍රධාන මෙහෙයුමට රේණුක

    March, 17, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස රේණුක විජේවර්ධන මහතා මාර්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    මේ අනුව, විජේවර්ධන මහතා, ගනුදෙනු සහ වෙළඳපොළ නිරීක්ෂණ අංශය, ලයිස්තුගත කිරීම් හා ආයතනික කටයුතු අංශය, තැරැව්කාර ආයතන සුපරීක්ෂණ අංශය, මධ්‍යම තැන්තපතු පද්ධති සමාගම යන අංශවල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

    කොළඹ කොටස් වෙළඳ පොළේ වසර 20 ක පමණ පළපුරුද්දක් තිබෙන විජේවර්ධන මහතා මීට පෙර කොටස් වෙළඳ පොළේ නියාමන කටයුතු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය.