කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී සම්මාන 5ක් දිනා ගනී

    March, 29, 2024

    කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත.

    ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරන හොඳම ජංගම දුරකථන අයදුම යන අංශ සඳහා රන් සම්මාන දිනා ගැනීමට බැංකුව සමත් විය. ඊට අමතරව වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා යන අංශය සඳහා සමස්ථ රිදී සම්මානය ද දිනා ගත්තේය.

    මෙම සම්මාන දිනා ගැනීමත් සමඟ ඩිජිටල් ගෙවීම් අවකාශය තුළ බැංකුවේ විශිෂ්ටත්වය සහ පුරෝගාමී නිෂ්පාදන සහ සේවාවන් සපයන්නෙක් ලෙස ඉදිරියෙන් ම සිටින බව යළි තහවුරු වූ බව බැංකුව පවසයි.

    LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණි. ලංකාපේ හි ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන LankaClear ^Pvt& Ltd විසින් මේ සඳහා සත්කාරකත්වය දැරූ ‘Vision Beyond Borders’ යන තේමාව පෙරදැරි කරගනිමින් සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

    ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය හරහා EMV (Europay" Mastercard සහ Visa) භාවිතා කරමින් ගනුදෙණු කිරීමට හැකි ඒකාබද්ධ පරිපථයක් නිර්මාණය කළ මෙරට ප්‍රථම බැංකුව කොමර්ෂල් බැංකුවයි. එමෙන් ම ලංකාපේ ATM ජාලය හරහා ආරක්ෂිතව EMV ගනුදෙණු සිදු කිරීමට EMV චිප් කාඩ්පත් (ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත්) සක්‍රීය කළ පළමු බැංකුව වන්නේ ද කොමර්ෂල් බැංකුවයි. මෙම කාඩ්පත් මඟින් ලංකාපේ ජාලයට සම්බන්ධ අනෙකුත් බැංකු ATM හරහා ආරක්ෂිත ව ගනුදෙණු  කිරීමේ හැකියාව ලැබී ඇත.

    කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.