ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට යතුරු භාරදෙයි

    March, 29, 2024

    කොළඹට නුදුරින් සුඛෝපභෝගී පාරාදීසයක්

    ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි.

    අති-නවීන සහ අලංකාර ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතුව මෙම නිවාස ඉදිකර තිබේ. එමෙන්ම එහි ඉදිකිරීම් සිදුකරන කාලය තුළ එහි ගැනුම්කරුවන් සමග ශක්තිමත් හා සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් විය. කොළඹ සිට විනාඩි 20 ක පමණ දුරකින් පිහිටි මෙම නිවාස සංකීර්ණය, මෙරට වෙරළබඩ සුඛෝපභෝගී නිවාස සම්බන්ධයෙන් නව මංසලකුණක් බවට පත්වනු ඇත.

    Beach Front II ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2020 වසරේදී ය. අද වනවිට එය මීගමුව ප්‍රදේශයේ සුන්දර වෙරළ තීරය ආසන්නයේ තුරුගොමු අතරින් ඉහළට නැගුණු මනරම් මංසලකුණක් බවට පත් වී තිබේ. මහල් 16 කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 108 කින් සමන්විත වන අතර එම නිවාස වර්ග අඩි 742 ත් 2273 ත් අතර පරාසයක විහිදී පවතී. මෙහි පදිංචිකරුවන්ට සුඛෝපභෝගී බව සහ පෞද්ගලිකත්වය මෙන්ම ඉන්දියන් සාගරයේ රමණීයත්වය දිනපතා සිත් සේ අත්විඳිය හැකි වේ.

    “මෙය හුදෙක් තවත් ව්‍යාපෘතියක අවසානය පමණක් නොවෙයි. තවත් අපූර්ව සහ සුවිශේෂී නිවැසි ප්‍රජාවක ආරම්භයක්. මෙය ඉදිකරන කාලය තුළ අපට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා, බාධා සහ අභියෝග පිළිබඳව ඔබ හොඳින් දන්නවා. කෙසේ හෝ ඒ සියල්ල ජයගනිමින්, අද දිනයේ ඔබේ නෙතට දිස්වෙන මේ මාහැඟි නිර්මාණය අවසන් කිරීමට අපට හැකි වුණා. ප්‍රයිම් සමූහයේ අපට ඔබ හුදෙක් පාරිභෝගිකයන් පමණක් නොවෙයි. ඔබ අපගේ වටිනා හවුල්කරුවන්. මේ කාලය පුරාවට ඔබ තුළ පැවති ඉවසීමට මෙන්ම අප කෙරෙහි රැඳවූ නොසැලෙන විශ්වාසයට බෙහෙවින්ම ස්තූතියි.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

    Beach Front II ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන් සහ හිමිකාරියන්ද මෙහිදී සතුටින් අදහස් දැක්වූහ.

    “මෙම නිවාස පිහිටා තිබෙන්නේ ඉතාමත් අලංකාර පරිසරයක. ඒ වගේම වෙරළ ආසන්නයේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව මෙය වඩාත් සිසිල් පරිසරයක් සහිත ප්‍රදේශයක්. ප්‍රයිම් සමූහය සහ ඔවුන්ගේ ව්‍යපෘති මා ඉතාමත් කැමැත්තෙන් නිර්දේශ කරනවා.” කේ. රනිත් සඳුශාන් පෙරේරා සහ කේ. ඩේමියන් සඳුනිල් පෙරේරා මහත්වරු පැවසූහ.

    “මෙම ව්‍යාපෘතියේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතරම ඉන් නිවසක් මිලදී ගැනීමට මට හැකි වුණා. අද දිනය අප සියලුම දෙනාටම බෙහෙවින් සතුටු දිනයක්. මා හැමදාමත් තෘප්තිමත් ප්‍රයිම් නිවාස හිමිකරුවෙක්.” නොයෙල් එල්. එස්. ජෝසෆ් මහතා පැවසී ය.

    “ප්‍රයිම් යනු ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ නාමයක් නිසා එය ඕනෑම කෙනෙකුට නිර්දේශ කිරීමට පුළුවන්. මේ නිවාස ව්‍යාපෘතියේ පදිංචියට පැමිණීමට හැකි වීම අපට මහත් සතුටක්. ඒ වගේම අලුත් නිවසේ සිට අවට බැලූවිට හාත්පස දිස්වුණු මනරම් දර්ශනවලින් අපේ දරුවන් විස්මයට පත්වුණා.” යූ. පී. ශෂිකා නිසංසලා ජයසුමන මහත්මිය පැවසුවා ය.

    උස්වැටකෙයියාව Beach Front II නිවාස සංකීර්ණය අමුත්තන් පිළිගැනීම සඳහා වෙනම පරිශ්‍රයක්, Rooftop Infinity පිහිනුම් තටාකයක්, දරුවන් සඳහා වෙනම පිහිනුම් තටාකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක  කැමරා පද්ධතියක්, අවසරලත් පුද්ගලයන්ට පමණක් භාවිතා කළ හැකි විදුලි සෝපාන, නිවාස සඳහා ද්විත්ව යතුරු ක්‍රමයක් සහ රියදුරන්ට විවේක ගැනීම සඳහා වෙනම කොටසක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

    උස්වැටකෙයියාව Beach Front II යනු ප්‍රයිම් සමූහය විසින් ඉදිකිරීම් අවසන් කර හිමිකරුවන් වෙත භාරදෙන ලද නවතම සහාධිපත්‍ නිවාස එකතුවයි. කොළඹ නගරයේ සහ කටුනායක ගුවන් තොටුපළේ සිට විනාඩි 20 ක දුරකින් සහ අධිවේගී මාර්ගයේ ජා-ඇල පිවිසුමේ සිට විනාඩි 5 ක දුරකින් එය පිහිටා තිබේ. මෙය වෙරළබඩ සුඛෝපභෝගී ජීවන රටාව සඳහා අතිශයින් ගැළපෙන සුඛෝපභෝගී සහාධිපත්‍ නිවාස එකතුවකි. හුදෙක් ලාභය හඹා යාම වෙනුවට ගැනුම්කරුවන්ට උපරිම වටිනාකම් තිළිණ කරමින් මෙරට දේපළ වෙළඳාම් කර්මාන්තය දියුණු කිරීම සඳහා ප්‍රයිම් සමූහ ව්‍යාපාරය කැප වී සිටී.

    උස්වැටකෙයියාව Beach Front II නිවාස සංකීර්ණය සහ ප්‍රයිම් සමූහයේ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු primeresidencies.lk වෙබ් අඩවිය තුළින් හෝ 0710777666 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.