ලෝක දෘෂ්ටිමිතික සතියට සමගාමීව අක්ෂි සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා විෂන් කෙයා විසින්  “Vision Care Primary Eye Screening Program” දියත් කරයි

    March, 29, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය ලෝක දෘෂ්ටිමිතික සතිය වෙනුවෙන්  "Vision Care Primary Eye Screening Program" දියත් කළ අතර ඒ සමගම  'Vision Care Eye Screening and Educational Toolkit' උපකරණ කට්ටලය හඳුන්වා දෙනු ලැබීය. මෙම ජාතික මට්ටමේ වැඩසටහන පාසල් වයසේ දරුවන්, පෞද්ගලික සහ රාජ්‍ය සංවිධානයන් හී සේවය නියුතු අය අතර අක්ෂි සෞඛ්‍ය දැනුවත්භාවය ඇති කිරීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වාදී අදාළ ප්‍රජාවට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර දීමේ අරමුණින් සංවිධානය කර තිබේ. ගෝලීයව අක්ෂි සෞඛ්‍ය සුරැකීම සඳහා ඉදිරිගාමී දෘෂ්ටිමිතික කැපවීමක්  (Advancing Optometry’s Commitment to Global Eye Care) යන මැයෙන් වූ මෙම වර්ෂයේ තේමාව පෙරදැරිව සැමට අක්ෂි ආරක්ෂණ උපකරණ සහ සේවා සමීප කිරීමේ අරමුණින් විෂන් කෙයා ආයතනය වැඩසටහන් කිහිපයක් සංවිධානය කළේය. සමස්ත ප්‍රජාවකගේ සමාජ තලයේ හෝ ප්‍රාදේශීය විෂමතා නොසළකා සියලු ප්‍රජාවටන්ට සර්ව සම්පූර්ණ අක්ෂි සෞඛ්‍ය සේවා ලබාදීම වෙනුවෙන් සිදුකරන කැපවීම ගෝලීය දෘෂ්ටිමිතික ක්ෂේත්‍රයේ සංධිස්ථානීය සළකුණක් සනිටුවහන් කරයි.

    අදාළ සතිය තුළ දී විෂන් කෙයා ආයතනය ශ්‍රී ලංකාවේ පාසල් 100කට 'Vision Care Eye Screening and Educational Toolkit' බෙදාදීම සිදුකළේය. මෙම උපකරණ කට්ටලය තුළ සම්පූර්ණ දෘෂ්ටිමිතික පරීක්ෂණ කට්ටලයක්, දෘෂ්ටිමිතික අධ්‍යපන මෙවලම් සහ පාසල් පද්ධතිය තුළ අක්ෂි සෞඛ්‍ය පවත්වා ගන්නා ආකාරය පිළිබඳව මාර්ගෝපදේශනයක් ඇතුළත් වෙයි. මීට අමතරව දෘෂ්ටිමිතිය සම්බන්ධව වෘත්තීය ආධාරක, පාසල් අදාළ ප්‍රදේශයේ දෘෂ්ටිමිතික වෘත්තීයවේදීන් සහ දෘෂ්ටි සෞඛ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ කිරීම හරහා අක්ෂි සෞඛ්‍ය පිළිබඳව වැඩිදුර සේවා ලබාගැනීමේ පහසුව සළසා දී තිබේ.

    ශ්‍රී ලංකා අක්ෂි ශල්‍යවරුන්ගේ පාසලේ සභාපති සහ අක්ෂි විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස් ශ්‍රී ලංකාව තුළ දෘෂ්ටිමිතික අවබෝධය වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.“ ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය වටපිටාව තුළ දෘෂ්ටිමිතිය ඉතා පු`එල් කාර්යභාරයක් ඉටුකරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයත් සමග දෘෂ්ටිමිතික අධ්‍යාපනයේ සහ වෘත්තීය පුහුණුවේ ගුණාත්මක වැඩිදියුණු කිරීමක් සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. දෘෂ්ටිමිතික වෘත්තීයවේදීට නිවැරදි පුහුණුව සහ පහසුකම් මගින් ශ්‍රී ලංකාවේ පු`එල් වෙමින් පවතින දෘෂ්ටිමිතික අවශ්‍යතා හඳුනාගෙන ක්ෂේත්‍රය තුළ ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ග්ලූකෝමා සහ දියවැඩියාව නිසා සිදුවන දෘෂ්ටි දුබලතා කලින්ම හඳුනාගැනීම සහ නිවැරදි කාලයේ දී ප්‍රතිකර්ම සිදුකිරීම ඉතාම වැදගත්ය. මීට අමතරව දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇස් දුබලතා වෙනස් නිසාත් දරුවන්ට ඇති දෘෂ්ටි දුබලතා දෙමාපියටන්ට සන්නිවේදනය කිරීමට ඔවුන්ට ඇති අපහසුව නිසාත් නිවැරදි කාලයේ දී දරුවන්ගේ ඇස්පරීක්ෂාවන් සිදුකරගැනීම අත්‍යාවශ්‍ය වෙයි.”

    මෙම වැඩසටහනට තමන්ගේ කැපවීම පිළිබඳව අදහස් දැක්වූ විෂන් කෙයා ආයතනයේ සාමාන්‍යාධිකාරී හර්ෂ මදුරංග මහතා,“විෂන් කෙයා ආයතනයේ අපි විශ්වාස කරන්නේ යහපත් අක්ෂි සෞඛ්‍ය අපේ පරිපූර්ණ සෞඛ්‍ය යහපත්භාවයට මූලික පදනමක් බවයි. මේ මූලිකත්ව වැඩසටහන හරහා ඉතාම කුඩා අවදියේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාගේ අක්ෂි සෞඛ්‍ය රැකබලාගැනීමේ වැදගත්කම පහදා දෘෂ්ටිමිතික උපකරණ සහ අධ්‍යාපනය ලබාදී ප්‍රජාව බලගැන්වීම අපේ අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් බිලියන 2.2ක් පමණ මොන යම් හෝ දෘෂ්ටිමිතික දුර්වලතාවයකින් පෙළෙන නිසා අක්ෂි සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම වෙනදාට වඩා වැදගත් කාර්යභාරයකි. මූලික අක්ෂි පරීක්ෂාවන් සහ සේවාවන් ලබාදීම සඳහා පුහුණුවලත් දෘෂ්ටිවේදීන් 1000ක් පමණ මෙරට සිටියි. එසේම විෂන් කෙයා ආයතනය තුළ එදිනෙදා සක්‍රියව සේවය කරන 200කට අධික දෘෂ්ටිවේදීන් සිටින අතර ඔවුන් එදිනෙදා අක්ෂි පරීක්ෂා සිදුකරමින් ජනතාවගේ අක්ෂි සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීමට සුවිසල් කැපවීමක් සිදුකරයි.”

    විෂන් කෙයා ඇකඩමියේ ප්‍රධානී විද්‍යා ජයරත්න විසින් අනාගත දෘෂ්ටිමිතික වෘත්තීය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට විෂන් කෙයා ආයතනයේ කැපවීම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.“ නිවාරණය කළ හැකි දෘෂ්ටි විෂමතා අවම කිරීමට දෘෂ්ටිවේදීන්ගේ කාර්යභාරය ගෝලීයව මෙන්ම දේශීය වශයෙන් ද ඉතාම වැදගත් වෙයි. ගෝලීයව මෙන්ම දේශීය වශයෙන් දෘෂ්ටිමිතිය පිළිබඳව සාකච්ඡා මතවාද සම්පාදනය වීම දෘෂ්ටිමිතික ක්ෂේත්‍රයට වැදගත්වනවා පමණක් නොව සියලු පුරවැසියන්ගේ අක්ෂි සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීමටත් ඉවහල් වෙයි. විෂන් කෙයා ප්‍රථමික අක්ෂි පරීක්ෂණ වැඩසටහන සහ 'Vision Care Eye Screening and Educational Toolkit' ලබාදීම මගින් දෘෂ්ටි දුබලතා තිබෙන අයට තමන්ගේ දෘෂ්ටි දුබලතාවයන් හඳුනාගැනීමට සහ ඒ පිළිබඳ දැනුවත්වීමට වටිනා මාර්ගෝපදේශයක් සැපයෙයි. වැඩිදුරටත් ඔබට අවශ්‍ය තොරතුරු දැනගැනීමට ළඟම ඇති විෂන් කෙයා ශාඛාවකට පැමිණීම සිදුකළ හැක. ඒවගේම තමන්ගේ ප්‍රජාව අතර මනා අක්ෂි සෞඛ්‍ය සේවාවක් පවත්වාගැනීමට උදෙසා පාසල් වලට සහ සංවිධාන වලට විෂන් කෙයා ආයතනය පැමිණ හෝ අප සමග සම්බන්ධවී අපෙන් අවශ්‍ය උපදේශන ලබාගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ සේවා සැපයීමට අපි සැදී පැහැදී සිටිනවා.”

    අපේ අක්ෂි පරීක්ෂණ මෙවලම් කට්ටලය තමන්ගේ ප්‍රජාවට ලබාගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙක් සිටී නම් හැකි ඉක්මනින් විෂන් කෙයා ආයතනයේ  WhatsApp අංකය වන 0761253094 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක. සියලු දෙනාගේම සහභාගීත්වයෙන් සහ කැපවීමෙන් විෂන් කෙයා ආයතනය රටේ සියලු පුරවැසියෙකුට උසස් තත්ත්වයේ අක්ෂි සෞඛ්‍ය සේවාවක් ලබාදීම හරහා සෑම සියලු දෙනාටම ගුණාත්මක ජීවිතයත් යහපත් පැවැත්මක් ලබාදීමට පෙරමුණ ගනී.

    1992 වසරේ දී ආරම්භ කළ විෂන් කෙයා ආයතනය ශ්‍රී ලංකා අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකරමින් ඉදිරියට පැමිණියේය. ඉහළ පුහුණුවක්ලත් දෘෂ්ටිමිතික වෘත්තීයවේදීන් සහ ඉහළ තාක්ෂණය සපිරි දෘෂ්ටිමිතික උපකරණ සමග විද්‍යාත්මක පදනමක් සහිත නිරවද්‍ය දෘෂ්ටි පරීක්ෂණ ක්‍රමවේදයක් සහ නිෂ්පාදන, සේවා අපේ රටේ ජනතාවට ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කරයි. එසේම ලෝව ප්‍රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච, අව් කණ්ණාඩි සහ ශ්‍රවණාධාරක සන්නාම හරහා අපේ රටේ සෑම දෙනාගේම ආර්ථික තත්ත්වයනට ගැළපෙන ජීවන විලාසිතාවන්ට සරිලන දෘෂ්ටි සෞඛ්‍ය සේවාවක් ලබාදෙයි.