April, 4, 2024
සිය පාරිභෝගිකයින් වෙත රසවත් හා පරිපූර්ණ ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් Food Studio විසින් සිය තෙවැනි අවන්හල පසුගියදා හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී විවෘත කරනු ලැබීය. එසේ විවෘත කෙරුණු Layards Wharf අවන්හල තුළින් මාර්තු 1 වන දින සිට රසවත් අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත. පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන ආහාර රස විඳීමට පමණක් නොව ජාත්‍යන්තර තත්වයේ සුවිශේෂී අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට Food Studio මේ තුළින් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර අවන්හල් කළමනාකරණ සමාගම මෙන්ම සූප ශාස්ත්‍ර ක්ෂෙත්රයේ නවෝත්පාදකයා වන Food Studio (Pvt) Ltd හි නවතම අවන්හල වන මෙම Layards Wharf ට අමතරව අගනුවර පිහිටි වෙනත් සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතීන් වන Colombo City Centre හි සහ One Galle face හි ද Food Studio (Pvt) Ltd හි අවන්හල් විවෘතව පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Food Studio (Pvt) Ltd හි සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී නදීම් රජබ්දීන් මහතා සඳහන් කර සිටියේ “ විශේෂයෙන් සැලසුම් කළ අවන්හල් කලාපයන්ගෙන් මෙන්ම විවිධ තේමාවන් යටතේ සිදුකළ සැලසුම්වලින් යුත් Layards Wharf සාම්ප්‍රදායික අවන්හලක් යන සංකල්පය අබිබවා යන සුවිශේෂී අවන්හලක් ලෙස පෙන්වා දිය හැකියි. පාරිභෝගිකයින්ට හට අදාළ කලාපයන් තුලදී එම කලාපයන්ට ආවේණික ආහාර රසයන් භුක්ති විඳීමේ සුවිශේෂී අවස්ථාව Layards Wharf හිදී උදා වනවා.” යනුවෙනි.
1972 වසරේදී Briton C. P. Layard විසින් ඉදිකරන ලද වැල්ලවත්ත ඇලට යාබදව පැරණි වැලවත්ත රෙදි මෝල ලෙස හැඳින්වෙන භූමි ප්‍රදේශයේ පිහිටා ඇති හැව්ලොක් සිටි නිවාස හා සාප්පු සංකීර්ණය එම ප්‍රදේශයේ දියුණුවේ ප්රමුඛ සාධකයක් බවට පත්ව ඇත. කාර්මීකරණ කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු වෙමින් පවතින එම ප්‍රදේශයේ එදා වෙළෙඳ ඉතිහාසය තුළින් ලද ආභාසය ඉදිරියට ගෙන යාමට Layards Wharf සමත් වනු ඇත. ප්‍රදේශයේ ව්‍යාප්තව ඇති විවිධ සංස්කෘතීන් එක්තැන් කරන සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙසද ඒ ඒ සංස්කෘතීන්හි ප්‍රණීත රසයන් සමඟින් අසමසම රසයක් එක් කිරීමට Layards Wharf කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ Food Studio (Pvt) Ltd අනුබද්ධ සූප ශාස්ත්‍ර නවෝත්පාදන අංශය වන Big Studio Inc. හි සම නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී Jesse Aston මහතා අවධාරණය කර සිටියේ “ලොව පුරා ඒ ඒ රටවලට ආවේණික ප්‍රණීත ආහාර රසයන් නැවුම්ව හා සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ගෙන ඒම වෙනුවෙන් විවෘත කරනු ලැබූ නවතම Layards Wharf අවන්හල තුළින් තමන් කැමති රසයක් රිසි සේ විඳ ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා.” යනුවෙනි.
මුදල් භාවිතයකින් තොරව ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගනුදෙනු කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇති Layards Wharf, QR කේතයක් හරහා සිය ඇනවුම් සඳහා මුදල් ගෙවීමේ පහසුව සලසා දී තිබීමද පාරිභෝගිකයින්ගේ පහසුවට හා මුදල්වල ආරක්ෂාවට ඉතාමත් වැදගත් වේ.
මේ සම්බන්ධයෙන් සිය අදහස් එක් කළ Food Studio (Pvt) Ltd. හි සම නිර්මාතෘ හා උප සභාපති නවීඩ් කාඩර් මහතා “දේශීය හා ජාත්‍යන්තර ආහාර ලෝලීන්ගේ මුවගට රසයක් එක් කිරීම වෙනුවෙන් ගොවිපොලේ සිට කෑම මේසය දක්වා සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියක් හරහා රසවත් ආහාර ලබා දීම Food Studio හි අරමුණයි. වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ දී ඉතා විශිෂ්ට ආපනශාලා 3ක් සමඟින් සුවිශේෂී අවන්හල් සන්නාම 14කින් සමන්විත අවන්හල් ජාලයක් තුළින් ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ ප්රමුඛ ආහාර සපයන්නකු බවට අප දැනටමත් පත්ව තිබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙන් පවසා සිටින ලදී.
The Pollen Studio හි කණිෂ්ක පෙරේරාගේ ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුව නිර්මාණය කර ඇති Layards Wharf හි සන්නාම කටයුතු කරනු ලැබුවේ Studio Nice One විසිනි.







Video Story