මහ බැංකු අධිපති ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකට එක්වෙයි

    April, 17, 2024

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාර බැංකු හා මූල්‍ය ජාලයේ (Sustainable Banking and Financing Network - SBFN) ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ වටමේස සාකච්ඡාවකට එක්විය.

    මෙම වටමේස සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් විවිධ අභියෝග මධ්‍යයේ, තිරසාර මූල්‍යකරණ මුලපිරීම ඉදිරියට ගෙන යාමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී.

    තවද, තිරසාර මූල්‍ය ප්‍රවර්ධනය සහ වැඩි ස්ථාවරත්වයක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත හරිත හා පරිපූර්ණ ආර්ථිකයන් වෙත සංක්‍රමණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා SBFN වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.