ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’  CameraLK  සහ Sony ඒකාබද්ධ බලගැන්වුමෙන් සාර්ථකව පැවැත්වෙයි

    April, 25, 2024

    ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි ජාලය වූ CameraLK ආයතනය Sony සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම ඡායාරූප සහ වීඩියෝ තරගාවලිය ‘Alpha Connect Day 2024’ අති සාර්ථක අන්දමින් පැවැත්වීය. මාර්තු 23වැනිදා Trace City Colombo හි පැවැති මෙම සුවිශේෂී උළෙලේ දී මිලියන 10කට අධික ත්‍යාග ප්‍රදානය කළ අතර ශ්‍රී ලාංකීය නිර්මාණාත්මක බව ඉහළ නැංවීමේ සුවිශේෂී මොහොතක් ලෙස සැළකිය හැක.

    මෙම තරගය ඡායාරූප සහ වීඩියෝ යන ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත් වූ අතර සහභාගී වූ සියල්ලන්ටම ත්‍යාග ලබාදීම සිදුවිය. ඡායාරූප කාණ්ඩය යටතේ ප්‍රධාන ත්‍යාගය ලෙස අලුත්ම Sony 7CR කැමරාවක් සහ Sony 24-70GM2 lens කට්ටලයක් ප්‍රදානය කළේය. වීඩියෝ නිෂ්පාදන කාණ්ඩයේ ප්‍රධාන ත්‍යාගය  Sony FX30  කැමරාවක් සහ Sony 10-20G lens කට්ටලයක් ජයග්‍රහකයාට හිමිවිය. Alpha Connect Day 2024 තරගාවලිය ශ්‍රී ලංකාව, කාම්බෝජියාව, බංග්ලාදේශය යන රටවල් තුනේම එකවර පැවැත් වූ මෙම තරගාවලියේ දී ඉහළ නිර්මාණශීලී හැකියාවෙන් පිරි ඡායාරූප ශිල්පීන් සහ වීඩියෝ ශිල්පීන් 200කගේ සුවිශේෂී නිර්මාණ විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය. සහභාගී වූ සැමට විවිධ නිර්මාණාත්මක අභියෝග ලබාදුන් අතර එම අභියෝගය අතික්‍රමණය කරමින් විවිධ මානයන්ගෙන් සිය නිර්මාණාත්මක හැකියාව පිළිබිඹු කරන්නට ඔවුන්ට අවකාශ ලබාදී තිබිණි.

    CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා, මෙම නිර්මාණාත්මක තරගාවලියේ සාර්ථකත්වය ගැන සිය අදහස් දැක්වීය,“ ඡායාරූප සහ වීඩියෝ ශිල්පීන්ගේ නිර්මාණාත්මක හැකියාව සහ නව්‍යබව දිරිගැන්වීම වෙනුවෙන් අප සිදුකරන කැපවීම පැහැදිළි කරන තවත් එක සංධිස්ථානයක් ලෙස Alpha Connect Day 2024 මට හඳුන්වන්න පුලුවන්. සුවිශේෂී දක්ෂතා ඇති අයට ඒවා ඉදිරිපත් කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන අපි ඉතාම සතුටු වෙනවා.  CameraLK සහ Sony එකමුතුවෙන් මෙවන් තවත් වැඩසටහන් සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක හැකියාවන් තව තවත් ඔප්නංවා ගැනීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කරදෙන්න අපි මහන්සි වෙනවා.”

    Sony ඉලෙක්ට්‍රොනික්ස් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය කළමනාකරු තෝමස් සිම් මහතා ද නැගීඑන ඡායාරූපශිල්පීන්ට සහ වීඩියෝ නිර්මාණකරුවන්ට Sony සන්නාමය ලබාදෙන දායකත්වය පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. ‘Alpha Connect Day 2024’ වෙනුවෙන් CameraLK සමග එකාබද්ධව ක්‍රියාත්මක වීම තුළින් අපට ශ්‍රී ලාංකිකයන්ගේ සුවිශේෂී නිර්මාණාත්මක බලය දැකගන්නට අවස්ථාව උදාවුණා. එවන් දක්ෂ නවකයන්ට අතහිත දීමට සහ ඔවුන්ගේ දක්ෂතාවයන් ඇගයීමට ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා.”

    මෙම තරගාවලිය විනිශ්චය කිරීමට අතිශය දක්ෂ සහ ලොවම පිළිගත් ඡායාරූප සහ වීඩියෝශිල්පීන්  9 දෙනෙකු සහභාගී වු අතර ඔවුන් ජයග්‍රහකයන් තෝරාගැනීමට අමතර සහභාගී වූවන්ගේ දැනුම වර්ධනය කිරීමට විශේෂ දැනුම් බෙදාදීමේ සාකච්ඡා පැවැත්වීය. සියලු නිර්මාණරුවන් අතරින් ඡායාරූප කාණ්ඩය යටතේ පවිත්‍ර දසුන් ජයග්‍රහණය කළ අතර චලන්ග සින්දුජාන් ද සිල්වා දෙවැනි ස්ථානය ලබාගත්තේය. එසේම රංග පියුමාල් සූරීයගේ විනිසුරු මඩුල්ලේ ප්‍රියතම සම්මානය හිමිකරගන්නට සමත්වීය. වීඩියෝ නිෂ්පාදන කාණ්ඩය යටතේ අසංග නයනසිරිකාන්ත පෙරමුණ ජයග්‍රහණය කළ අතර විනිසුරු මඩුල්ලේ ප්‍රියතමයා ලෙස ලක්ෂිත මධුශාන් සම්මාන හිමිකර ගත්තේය.

    2010 වසරේ දී ආරම්භ වූ CameraLK ආයතනය දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න මිලදී ගැනීමේ අලෙවිසැල වන අතර විශාලතම ඔන්ලයින් මිලදී ගැනීමේ අවකාශය ද වෙයි. ශ්‍රී ලාංකික ඡායාරූපකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය නවතම සහ හොඳම කැමරා සහ කැමරා ආම්පන්න වඩාත් සාධාරණ මිලකට ලබාදෙන ආයතනයක් ලෙස ඉහළ ජනප්‍රසාදයක් හිමි CameraLK ආයතනය ඡායාරූපකරණයේ තාක්ෂණික ගුණාත්මකභාවය වර්ධනය කරමින් ඉතා විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීමට කැපවී කටයුතු කරයි.  Canon, Nikon, Sony, Sigma, Tamron, Tokina, DJI, GoPro, Profotto සහ Wescott ආදී සන්නාමයන්ගේ කැමරා සහ කැමරා ආම්පන්න 500කට වැඩි ප්‍රමාණයක් CameraLK ආයතනයේ දී ඔබට දැකබලා ගැනීමට හැකියාව පවතී. කොළඹ, නුවර, යාපනය ශාඛාවන් සහ ඔන්ලයින් අවකාශය හරහා ඡායාරූපකරණයේ උනන්දුව ඇති ශ්‍රි ලාංකිකයන් සෑම දෙනාට වඩාත් උසස් තාක්ෂණික උපකරණ සහ දැනුම බෙදන CameraLK ආයතනය කැමරා උපකරණ ලබාගැනීමේ දී සියලු අවශ්‍යතාවයන් සපුරන එකම ස්ථානය ලෙස පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වී තිබේ.