මහ බැංකු අධිපති වැදගත් වාර්තා දෙකක් ජනපතිට පිළිගන්වයි

    April, 26, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය 2023 හා මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023 ප්‍රකාශයට පත් කරයි

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ඊයේ දින (2024 අප්‍රේල් 25) පිළිගන්වන ලදී.