April, 29, 2024
2024 අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ දී විදෙස් සංචාරකයින් 121,595 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 757,379 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 18% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,324 කි.
මීට අමතරව රුසියාවෙන් 12,807ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,626ක් සහ ජර්මනියෙන් 8,565ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.