ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම ගැන ජූනි මාසයේ දී සාකච්ඡා

    April, 30, 2024

    ඉන්දුනීසියාව සමඟ වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2023-07-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
    ඒ පිළිබඳව නිල සාකච්ඡා 2024-03-14 දින විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දුනීසියාවේ වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පවත්වා ඇති අතර, වෙළෙඳ සාකච්ඡා කමිටුවේ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ 2024-04-03 සහ 04 යන දෙදින තුළ පවත්වනු ලැබ තිබේ.
    එම සාකච්ඡා කමිටුවේදී සාකච්ඡා ක්‍රමවේදය, අදාළ දත්ත හුවමාරු කර ගැනීමේ කාලරාමුව, විෂයපථය සහ ආවරණය යන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගනු ලැබ තිබේ.
    එම කමිටුවේ 02 වන රැස්වීම 2024-06-19 සහ 20 යන දිනවලදී කොළඹදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.
    ඒ අනුව, යෝජිත වරණීය වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉහත සඳහන් පරිදි මේ දක්වා අත්කර ගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.