පෝට් සිටියේ බදු සහන CHINA HARBOUR ENGINEERING සමාගමටත්

    April, 30, 2024

    රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තිරසර සංවර්ධනය සහ නේවාසික ප්‍රජාවක් පදිංචි කිරීමෙහිලා වන නාගරික පහසුකම් පිළිබඳ මෙහෙයුම් සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරත ව්‍යාපාරයක් වශයෙන් CHINA HARBOUR ENGINEERING COMPANY (LANKA) LIMITED ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත.

    ඒ අනුව, එම ව්‍යාපාරය වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ II වන උපලේඛනය යටතේ හඳුනා ගනු ලැබ ඇති පනත්වලින් යෝජිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීමට සහ ඒ සඳහා වන නියමය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.