මාස 04 ක් තුළ රුපියලේ අගය 9.1% කින් ඉහළට

    May, 2, 2024

    යම් උච්ඡාවචනයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2024 මාර්තු මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 අප්‍රේල් මස 30 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

    අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ අප්‍රේල් මස 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.“