ණය බර තවත් ඉහළට

    May, 6, 2024

    2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2022 වසර අවසාන වන විට රු‍. බිලියන 27,492.03 ක් ලෙස සටහන්ව තිබූ මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය මෙලෙස 2023 වසර තුළ දී රු. බිලියන 28,695.95 ක් දක්වා  4.37% කින් වැඩි වී ඇති බවයි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ 2023 වසර තුළ දී මුළු විදෙස් ණය ප්‍රමාණය රු. බිලියන 12,458.16 සිට රු. බිලියන 11,644.09 ක් දක්වා පහළ ගොස් තිබිය දී සමස්ත දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 15,033.88 සිට රු. බිලියන 17,051.85 ක් දක්වා 13.42% කින් වැඩි වී තිබීමයි.