April, 28, 2016
ආක්‍රමණශීලී ලෙස තරඟ ජයග්‍රහණ කිරීමට සියැට් ධාවක කණ්ඩායමට තිබෙන හැකියාව යළි යළිත් පෙන්නුම් කරමින් පසුගිය සති අන්තයේ පැවති ෆොක්ස්හිල් ධාවන තරඟයේදී ලබාදුන් ප්‍රධාන ශුරතා සම්මාන වලින් තුනක් දිනාගැනීමට සහ ජයග්‍රාහී ස්ථාන 18 ක් වාර්තා කිරීමටත් සියැට් ධාවක කණ්ඩායම සමත්විය.
සියැට් ධාවක කණ්ඩායම විසින් මේ දක්වා එක් තරඟාවලියකදී දැක්වූ හොඳම දස්කම මෙය වන අතර මෙම තරඟාවලියේ මෝටර් රථ ධාවන ශුරයා බවට පත්වූයේ සියැට් ධාවක කණ්ඩායමේ පසිඳු පීරිස් මහතායි. මෙහිදී, පසිඳු පීරිස් සහ ගයන්ත රංගන යන දෙදෙනා විසින් මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය දිනාගත් අතර ඉවෝන් ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගන්නා ලදී.
සමස්තයක් ලෙස ගත්විට සියැට් ධාවක කණ්ඩායම ප්‍රථම ස්ථාන 09 ක්, දෙවන ස්ථාන හතරක්, තුන්වන ස්ථාන දෙකක් සහ පස්වන ස්ථාන තුනක් අපේ‍්‍රල් 24 වන ඉරිදා දියතලාව ධාවන පථයේදී පැවති ෆොක්ස්හිල් තරඟයේදී ජයග්‍රහණය කිරීමට සමත්විය.
‘‘කණ්ඩායමෙන් මෙයට වඩා යමක් ඉල්ලා සිටිය නොහැකියිල’’ යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සියැට් ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති - විකුණුම් සහ අලෙවිකරණ රවී ඩඞ්ලානි මහතා සඳහන් කළේය. ‘‘ෆොක්ස්හිල් තරඟයේදී සියැට් කණ්ඩායමේ කාර්ය සාධනය මගින් පෙන්නුම් කරන්නේ ඉහළ කුසලතාවයන් සහ හොඳ කණ්ඩායම් කාර්ය භාරයක් කැපවුනු ආයතනික අනුග්‍රහයක් තුළින් ජයග්‍රාහී සංයෝගයක් බවට පත්කිරීමේ පරිපූර්ණ වූ උදාහරණයයි.’’
මෙම ධාවන තරඟාවලියේදී පළමු ස්ථාන දිනාගත් සියැට් ධාවකයින් අතර මෝටර් රථ අංශයේ ප්‍රථම ස්ථාන දෙකක් දිනාගත් පසිඳු පීරිස්, ගයන්ත රංගන, උපුල්වන් සේරසිංහ, ජනක ඩයස් සහ මලීක කුරුවිටආරච්චි සිටී. යතුරු පැදි අංශයේදී ඉවෝන් ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි පිළිවෙලින් ප්‍රථම ස්ථාන දෙකක් සහ එකක් දිනා ගැනීමට සමත්විය.
2016 සියැට් ධාවක කණ්ඩායම උපුල්වන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන්ල උෂාන් පෙරේරාල මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඩෙවින් සේරසිංහල ඉවෝන් බී. ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යන ධාවකයින්ගෙන් සමන්විත වේ.
2016 සියැට්-ස්ලාඩා ශුරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔටෝ- ස්පෝර්ට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වැදීමට නියමිතය. මෙම ධාවන තරඟ පහ අතරට පසුගියදා නිමාව දුටු කටුකුරුන්ද සර්කිට් මීට් 1 තරඟය සහ ෆොක්ස්හිල් සුපර්ක්රොස්ල සීගිරිය රැලි ක්‍රොස් (ජුනි 05 වනදා), ගනර්ස් සුපර්ක්‍රොස් (ජූලි 10 වනදා) සහ රොතර්හම් සර්කිට් මීට් 11 (ඔක්තෝම්බර් 23 වනදා) යන තරඟ ඇතුළත් වේ.
පිට පිටම දෙවන වතාවටත් සියැට් ධාවක කණ්ඩායම 2015 වසරේදී මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය දිනාගත්තේ එම වසර තුල ජයග්‍රාහී ස්ථාන 61 ක් වාර්තා කරමින් තම කණ්ඩායමේ ශක්තිය තහවුරු කරමිනි.
සියැට් ස්ලාඩා ශුරතාවලියට අනුග්‍රාහකත්වය දැක්වීමට අමතරව ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ලංකාවේ ධාවන ක්‍රීඩා ක්ෂේත්රයේ පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝට්ස් (SLAS) විසින් සංවිධානය කරන ධාවන තරඟ සඳහා සියැට් සහයෝගය ලබාදෙයි. මේ අනුව සියැට් විසින් සහයෝගය ලබාදීමේ කොටසක් ලෙස, ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1300 ජජ සහ 1500 ජජ සහ නිසාන් මාච් 1000 ජජ කාණ්ඩ සඳහා පවත්වන ‘වන්මේක්’ ධාවන තරඟවල ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් කටයුතු කරන අතර මෙම ධාවන තරඟ සියල්ල සඳහා සියළුම ධාවකයින් විසින් සියැට් රේඩියල් ටයර් භාවිතා කරයි.
ඡායාරූපය - සියැට් ධාවක කණ්ඩායමේ ෆොක්ස්හිල් ශුරයින් (වමේ සිට) දේශාන් සෝලන්කි, ගයන්ත රංගන, පසිඳු පීරිස් සහ ඉවෝන් ගුරුසිංහ
Video Story