May, 14, 2024
2019 වර්ෂයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත් වූ ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ (SLS Bank) වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් තීරණය කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, එහිදී විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළෙඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර තිබේ.
එකී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story